වවුනියාව රම්භකුලම් ප්රදේශයේ පිහිට රාජ්ය නොවන සංවිධාන කාර්යාලයක් තුළ එහි සාමාජිකයෙකු මියගොස් සිටියදී අද (25දා) දහවල් ඔහුගේ මළසිරුර හමු වූ බව වවුනියාව පොලීසිය පවසයි.
මෙලෙස මියගොස් ඇත්තේ රගුනාදන් සුවිධරන් (අවු.31) නමැත්තෙකි.
රාජ්ය නොවන සංවිධාන කාර්යාලයේ සේවයකයෙකු මළසිරුර දැක වවුනියාව පොලීසියට දැනුම් දී ඇති අතර, පසුව එම ස්ථානයට ගිය වවුනියාව පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.
මරණයට හේතුව අනාවරණය වී නොමැති අතර, අදාළ තරුණයා සියදිවි හානිකර ගන්නට ඇතැයි පොලීසිය සැකකරයි.
සිද්ධිය සම්බන්ධයෙන් වවුනියාව පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.