වව්නියාවේ පොලිස් මුරපොළවල් ලෙස පැවිති ස්ථාන හතරක් පොලිස් ස්ථාන ලෙස ස්ථාපිත කරන බව පොලීසිය පවසයි. ඊයේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම වෙනස් කිරිම සිදුකර තිබෙන අතර එම ප්‍රදේශවල වර්තමාන ජනගහනය සහ ඇති වු භෞතික අවශ්‍යතාවය මත මෙසේ පොලිස් ස්ථාන හතරක් ස්ථාපිත කළ බවයි පොලීසිය නිවේදනය කරන්නේ. ඒ අනුව උන්දාක්කුලම, පරයානකුලම, පුවර්යන්කුලම හා මාමඩුව යන පොලිස් මුරපොළවන් පොලිස් ස්ථාන ලෙසින් වෙනස් වෙයි.