වව්නියාව මූන්රිමුරිප්පු ප්රදේශයේ ගෙවත්තක තිබූ දේශීය හා විදේශයේ නිෂ්පාදිත අත්බොම්බ 08ක් ඊයේ (22දා) රාත්රියේ සොයා ගත් බව වව්නියාව පොලීසිය පවසයි.
අදාළ නිවෙස් හිමියා සිය ගෙවත්ත එළි පෙහෙළි කරමින් සිටියදී එක් අත්බෝම්බයක් මතු වී තිබේ. ඉන් පසු ඔහු විසින් මේ බව වව්නියාව පොලීසියට දැනුම් දීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණි පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් සිදු කරන ලද සෝදිසි කිරීම්වලින් පසුව යකඩ ආවාරණයක බහාලූ තවත් අත්බොම්බ 7ක් සොයා ගෙන ඇත.
මෙම අත්බෝම්බ එල්.ටී.ටී.ටී.ඊ සංවිධානය විසින් යුද සමයේදී වළ දැමූ ඒවා බවට සැක කරන බව පොලීසිය පවසයි.
වව්නියාව අධිකරණයෙන් ලත් නියෝගයක් අනුව මෙම බෝම්බ තොගය විනාශ කිරීමට පොලිස් විශේෂ කාර්ය බළකාය පියවර ගෙන ඇත.