වව්නියාවේ ඉන්ෆ්ලුවෙන්සා අවදානමක් මතුවී ඇති බව වාර්තා වෙයි.
වව්නියාව මහ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය කේ. අකිලේන්ද්‍රන් සඳහන් කරන්නේ වෛරසය ශරීරගත වූ පුද්ගලයන් 3 මේවනවිට දෙනෙකු හඳුනාගත් බවයි.
මෙම තත්ත්වය පිළිබඳ පළාත් හා මධ්‍යම ආණ්ඩුවේ සෞඛ්‍ය අමාත්‍යවරුන් දැනුවත් කිරීමට පියවර ගෙන ඇති අතර ඉන්ෆ්ලුවෙන්සා රෝග නිවාරණය සම්බන්ධ විශේෂඥ වෛද්‍යවරුන් දෙදෙනකු ද රෝහලට කැඳවූ බව අධ්යක්ෂවරයා ප්‍රකාශ කලේය.
කුඩා දරුවන්ට සහ ගර්භණී කාන්තාවන්ට රෝගය වැළඳීමේ ඉහළ අවදානමක් පවතිනු ඇති බැවින් කැස්ස, උණ සහ හෙම්බිරිස්සාව දින 7 කට වඩා පවතින්නේ නම් කඩිනමින් ප්‍රතිකාර ගන්නා ලෙස ද ඔහු ඉල්ලීමක් කළේය.