වව්නියාව කුඩාකච්චිකුඩියේ නිදන් හෑරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට පත් වව්නියාව හිටපු නියෝජ්‍ය පොලිස්පති යූ.කේ. දිසානායක සහ එම නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුජීව ප්‍රයදර්ශන වීරසිංහ යන අය ලබන මස 06 දා දක්වා රිමාණ්ඩ් කරන ලෙස වව්නියාව මහේස්ත්‍රාත් වී. රාමකමලන් මහතා විසින් නියෝග කරනු ලැබීය. ඔවුහු අද (30දා) වව්නියාව අධිකරණයට ඉදිරිපත් කළේය.
සෙසු ව්‍යාපාරික සැකකරුවන් 7 දෙනා නිදන් හැරීමේ චෝදනාවට වරද පිළිගැනීම නිසාවෙන් ඔවුන්ට රුපියල් 1,75,000ක දඩ නියම කරනු ලැබීය.