අදට යෙදී ඇති වෙසක් පොහෝ දිනය නිමිත්තෙන් වවුනියාවේ බන්ධනාගාරයේ සිටි සිරකරුවන් 21 දෙනෙකු නිදහස් කළ බව වව්නියාව බන්ධනාගාර නිලධාරීහු පැවැසූහ.
වව්නියාව අධිකරණයේදී සුළු වැරදි හමුවේ බන්ධනාගාර ගතවූවන් හා දඩ මුදල් ගෙවීමට නොහැකි වූ සිරකරුවන් 21 දෙනෙකු මෙසේ නිදහස ලැබීය.