වලපනේ රාගල ප්රධාන මාර්ගයේ වතුමුල්ල 61 වැනි සැතපුම අසල ප්රධාන මාර්ගයට පස් කන්දක් කඩාවැටීම හේතුවෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු අද (29දා) උදෑසන 7.00 සිට ඇනහිට ඇති බව නුවරඑළිය දිස්ත්රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතා පැවැසීය.
ප්රදේශයේ පවතින වර්ෂාවත් සමග මෙම පස්කන්ද කඩාවැටී ඇතැයි ආපදා කළමනාකරණ ඒකකය පැවසීය.