පළාත් පාලන ආයතන විසින් ජනතාවට අවශ්‍ය සේවාවන් ඉටුනොකරන බැවින් එම ආයතනවලට වරිපනම් බදුනොගෙවා සිටීමට ජනතාවට නීත්‍යානුකූල අයිතියක් ඇතැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී සිසිර ජයකොඩි මහතා අද(11) පැවසීය.
වසරක් පාසා පළාත් පාලන ආයතනවල සභාව රැස්වී වරිපනම් බදු සම්මත කර ගත යුතු බවත්, වසර දෙකක් තිස්සේ සභාවන් අක්‍රියවී ඇති බැවින් යම් අයෙකු වරිපනම් බදු ගෙවයි නම් එය නීතිවිරෝධි බවත් මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පුංචි බොරැල්ල වජිරාශ්රම බෞද්ධ මධ්‍යස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව පවසා සිටියේය.