වරාය අධිකාරියේ වඩුමඩුවෙන් පිටස්තර පුද්ගලයන්ට ගෘහභාණ්ඩ සකස් කර තිබෙන බවට වෘත්තීය සමිති නායකයන් නගන චෝදනාව පිළිබඳව විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ශ්රී ලංකා වරාය අධිකාරියේ උපසභාපති මහාචාර්ය ප්රසන්න පෙරේරා මහතා සඳහන් කළේය.
වඩුමඩුවෙන් කිසිදු අවස්ථාවක පිටස්තර පුද්ගලයන් සඳහා භාණ්ඩ නිෂ්පාදනය කර නොමැති බවත් මේ නිසා වෘත්තීය සමිති නගන චෝදනාව ප්රතික්ෂේප කරන බවද පවසා සිටියේය.
ශ්රී ලංකා වරාය අධිකාරිය ගැන කතාකරන සමහර වෘත්තීය සමිති නායකයන් වරාය අධිකාරියට ආදරය නොකරන බවද ඔහු සඳහන් කර සිටියේය.
වරාය වඩුමඩුවෙන් වරයා ඇමතිවරයාගේ හිතවතුන් වෙනුවෙන් රුපියල් ලක්ෂ 130ක ගෘහ උපකරණ සකසා ඇති බවට වරාය වෘත්තීය සමිති චෝදනා කළේය.