2016 වසරේදී ශ්‍රී ලංකා වරයා අධිකාරිය රුපියල් බිලියන 11 ක ලාභයක් ලබාගත් බව වරාය හා නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතා සඳහන් කරයි. ඒ අනුව 2015 වසර හා සසඳා බැලීමේදී එය සියයට 83%ක පමණ වර්ධනයක් බවත් 2015 වසරේදී වරායේ ලාභය රුපියල් බිලිය 6ක් වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
වරාය අධිකාරියේ 2016 වසරේ සමස්ත ආදායම රුපියල් බිලියන 44ක් වූ බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. එයින් හම්බන්තොට වරායේ ණය වාරික හා පොලිය ලෙස රුපියල් බිලියන 7.1ක් ගෙවූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.
එසේම ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නැගෙනහිර පර්යන්තයේ මෙහෙයුම් ආරම්භ කිරීම හරහා මෙම ලාභය තවදුරටත් වර්ධනය කර ගත හැකි බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.