වරාය කටයුතු වලට බාධා වන ලෙස ක්‍රියා කරන වරාය සේවකයින් සියළුදෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා වරාය අධිකාරියේ කළමනාකරණ අධ්යක්ෂ සරත් කුමාර ප්‍රේමචන්ද්‍ර පැවසීය.
ප්‍රසාද දීමනා වැඩිකරන ලෙස ඉල්ලා වරාය පරිශ්‍රයේ ක්‍රියාත්මක වන්නේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් නොව කඩාකප්පල්කාරී ක්‍රියාවක් බවත් හෙතෙම පැවසුයේ වරාය හා නාවික අමාත්‍යංශයේ අද(10) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
වෘත්තීය සමිති ක්‍රියාමාර්ග මුවාවෙන් රටේ ආර්ථිකය සහ ජන ජීවිතය කඩාකප්පල් කිරීමට කිසිඳු පුද්ගලයෙකුට අයිතියක් නොමැති බවත් හෙතෙම පැවසීය.