වරාය ඇමතිට චෝදනාවක්
- 15 06 2016
- 09:16
- {{hitsCtrl.values.hits}} views
- එච්.අයි.තුෂාර
(PICTURES/VIDEO) වරාය වඩු මඩුවෙන් ඇමතිගේ හිතවතුන්ට කෝටියක ගෘහ භාණ්ඩ හදලා?
- වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයෙන් චෝදනා
ශ්‍රී ලංකාව වරාය අධිකාරියට අයත් වඩු කර්මාන්ත ශාලාවෙන් අමාත්‍යවරයාගේ හිතවතුන්ට රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික ගෘහ භාණ්ඩ සාදා දී ඇතැයි වරාය ඒකාබද්ධ වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු වරාය ජාතික සේවක සංගමයේ සභාපති උදේනි කළුතන්ත්‍රි මහතා චෝදනා කරයි.
කොම්පඤ්ඤ වීදියේ පිහිටි වඩු කර්මාන්ත ශාලාව තුළින් කාන්තාවන් භාවිත කරන අල්මාරි හා පුටු, මේස, ඇඳන් මේ ආකාරයට සකස් කර තිබෙන බවද ඔහු පවසා සිටියේය.
වරාය වඩු කර්මාන්ත ශාලාව ස්ථාපිත කර තිබෙන්නේ ශ්‍රී ලංකා වරායට අවශ්‍ය වන උපකරණ නිෂ්පාදනය කිරීමට වන අතර, වරාය අධිකාරියට කාන්තා අල්මාරි හෝ විශාල ඇඳවල් අවශ්‍ය නොවන බවද ඔහු සඳහන් කළේය.
යහපාලනයක් රට තුළ ඇති කළේ දූෂණය, වංචාව නැති කිරීමට බවත්, එහෙත් ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් රුපියල් එක්කෝටි තිස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් ගෘහ භාණ්ඩ වරාය අධිකාරියේ වඩු කර්මාන්ත ශාලාවෙන් සකස් කරගෙන පෞද්ගලික කටයුතුවලට යොදාගෙන තිබෙන බවද හෙතෙම පවසා සිටියේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.










