ශ්‍රී ලංකාවේ නව රජය බලයට පත්වීමත් සමග චීනය හා පැවැති සම්බන්ධතා දුරස්වී ඇති බවට විවිධ මත ව්‍යාප්ත කළද, නව රජයද චීනය හා පවතින සබඳතා ශක්තිමත් කිරීමට පියවර ගනිමින් සිටින බව ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශය කියයි.
ඒ අනුව චීන රජයේ වාණිජ කටයුතු අමාත්‍යාංශයේ නියෝජිත පිරිසක් එළඹෙන 06 වැනිදා දිවයිනට පැමිණීමට නියමිත බව එම අමාත්‍යාංශය නිවේදනය කරයි.
ඔවුන් රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා හමුවී කොළඹ වරාය නගරය හා හම්බන්තොට වරාය පිළිබඳව මෙන්ම වෙනත් කරුණු පිළිබඳවද ද්විපාර්ශ්වීය සාකච්ඡා පැවැත්වීමට නියමිත බවද අමාත්‍යාංශය නිකුත්කළ නිවේදනයේ දැක්වෙයි. පසුව ඔවුන් එහි සංචාරය කිරීමට නියමිත බවත්, කොළඹ හා මහනුවර අධිවේගී මාර්ගය ඉදිකිරීම පිළිබඳ එකඟතාවකට පැමිණීමට නියමිත බවත් අමාත්‍යාංශය වැඩිදුරටත් කියයි.