වරාය නගරය ඉදිකිරීම ලංකා රජය හා චීන සමාගම නීතියට අනුව කටයුතු කළ යුතුයි
වරාය නගරයේ ඉදිකිරීම් සම්බන්ධව ලංකා රජය හා චීන සමාගම නීතියට අනුව කටයුතු කළ යුතු බවත්, එකිනෙකා කෙරෙහි විශ්වාසය තැබිය යුතු බවත් චීන තානාපති යි සියැංලිංග් (Yi Xianling) මහතා පැවසීය.
තානාපතිවරයා මේ බව පැවසුවේ ඊයේ (10දා) මාධ්‍ය අමතමිනි.
මෙම ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් චීන රජයේ ඍජු විශේෂ ආයෝජනයක් ලෙස මෙරට ක්‍රියාත්මක කරන බවත්, එය අද මෙරට උණුසුම් මාතෘකාවක් බවට පත්ව ඇති බවත් ඔහු සඳහන් කළේය.
මෙම ව්‍යාපෘතිය මූලික ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 1.4 ක ආයෝජනයක් බවත්, එවැනි ව්‍යාපෘතියක් මෙරට ආර්ථිකය දියුණු කිරීමට හා සංචාරක ප්‍රවර්ධනයට ඉවහල් වනු ඇති බවත් ඔහු පවසා සිටියේය.
තම දන්නා පරිදි අදාළ චීන සන්නිවේදන ඉදිකිරීම් සමාගම (China Communications construction Ltd.) නියමිත ක්‍රමවේදය සහ නීතිමය බැඳීම්වලට අනුකූලව කටයුතු කර ඇති බවද ඔහු පැවසීය.
චීන ණය සම්බන්ධව මතුව ඇති තත්ත්වය පැහැදිලි කළ තානාපතිවරයා පවසා සිටියේ, 2008 වසර ලෝක මූල්‍ය අර්බුදය අවස්ථාවේදී ප්‍රධාන ආධාර සපයන්නන් ලංකාවට මූල්‍ය ආධාර සැපයීම සීමා කළ බවයි. එම තත්ත්වය හමුවේ චීනයට ආර්ථික අපහසුකම් තිබීයදී ඒවා යටපත් කොට ශ්‍රී ලංකාව ආධාර දුන් බව ඒ මහතා සඳහන් කළේය.
මෙකී ආධාර මෙරට යටිතල පහසුකම් සංවර්ධනයේ ප්‍රධාන විපර්යාසයක් කළ බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

