පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාවලට නොදන්වා හම්බන්තොට වරාය ගිවිසුමට රජය එකඟව තිබීම හේතුවෙන් ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්රීවරුන් එම කාරක සභාවේ තවදුරටත් රැඳී සිටින්නේ දැයි ඉදිරියේදී තීන්දුවක් ගන්නා බව පාර්ලිමේන්තු මන්ත්රී ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.
එම ගිවිසුමේ පිටපතක් මේ දක්වා පාර්ලිමේන්තුවට එවා නොමැති බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
මේ අතර ජිනීවා සමුළුවේදී රජය ගත් ක්රියාමාර්ග සම්බන්ධව ලබන 06 වැනිදා පාර්ලිමේන්තු විවාදයක් ලබාගැනීමට ඒකාබද්ධ විපක්ෂය කටයුතු කර තිබේ.