හම්බන්තොට වරාය ගිවිසුම සකස් කිරීමට අදාළ අමාත්‍ය අනුකමිටුවෙන් අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඉවත්ව තිබෙනවා. හම්බන්තොට වරාය චීනයට පැවරීමට අදාළව ගිවිසුම සකස් කිරිම සඳහා අමාත්‍ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුතුව කමිටුවක් පිහිටුවනු ලැබූ අතර එහි සාමාජිකයෙක් ලෙස පාඨලී චම්පික රණවක මහතා පත්කොට තිබුණි.