ශ්රී ලංකා වරාය අධිකාරියේ පාලනාධිකාරියට එරෙහිව එම අධිකාරියේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව අද (02දා) දහවල් මානව හිමිකම් කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.
ශ්රී ලංකා වරාය අධිකාරියේ ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුවේ සමකැඳවුම්කරු ප්රසන්න කළුතරගේ මහතා පවසා සිටියේ, පාලනාධිකාරිය විසින් නීතිවිරෝධීව සිදුකරන ලද සේවක ස්ථාන මාරුකිරීම් සහ විශ්රාමික නිලධාරීන් ආයතනයේ තනතුරුවලට යොදවා ගැනීම යනාදිය මූලික කර ගනිමින් අදාළ පැමිණිල්ල සිදුකළ බවයි.
ඡායාරූප - ශමීර රාජපක්ෂ