ඒකාබද්ධ වෘත්තීය සමිති එකමුතුව නමින් වෘත්තීය සමිතියක් ශ්රී ලංකා වරාය අධිකාරියේ ලියාපදිංචි වී නොමැති බව වරාය අධිකාරිය නිවේදනයක් නිකුත්කරමින් අවධාරණය කරයි. මේ හේතුවෙන් එම සමිති එකමුතුව ගන්නා ක්රියාමාර්ග වෘත්තීය සමිති ක්රියාමාර්ග ලෙස නොව කඩාකප්පල්කාරී ක්රියා ලෙස සැලකේන බවත් නියෝජිතයින් ලෙස පෙනී සිටමින් ඇතැම් පුද්ගලයින් තම අධිකාරිය අපහසුතාවයට පත් වන අයුරේ ප්රකාශ නිකුත් කරමින් සිටින බවද ශ්රී ලංකා වරාය අධිකාරිය ප්රකාශ කරයි.
මේ වන විට ශ්රී ලංකා වරාය අධිකාරියේ දූෂණ සහ වංචා අවම කර ඇති අතර සිදු වූ දූෂණ වංචා ගැන විමර්ශනද තවදුරටත් සිදු කරමින් පවතින බවත් එම විමර්ශන නතර කිරීම සදහා ඇතැම් පුද්ගලයින් මෙම කඩාකප්පල්කාරී ක්රියා සිදු කරන බවද ශ්රී ලංක වරාය අධිකාරිය වැඩිදුරටත් පවසයි