මියන්මාරයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම් කොළඹ වරාය කේන්ද්‍ර කරගනිමින් සිදු කරන නැව්සේවා සමාගම් සඳහා 10% වට්ටමක් ලබාදීමට වරාය සහ නාවික අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ අනුමැතිය හිමිවේ.
ඒ ශ්‍රී ලංකා වරාය අධිකාරිය ඒ සඳහා කළ ඉල්ලීමක් සැලකිල්ලට ගනිමිනි.
දිනෙන් දින වර්ධනය වන නැගෙනහිර ඉන්දියාව, බංග්ලාදේශය සහ මියන්මාර කලාපය ආශ්රිත ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම කොළඹ වරාය වෙත ආකර්ෂණය කර ගැනීම මෙහි මූලික අරමුණ වන අතර සමස්තයක් වශයෙන් ගත්විට නැගෙනහිර ඉන්දියාවේ සහ බංග්ලාදේශයේ ප්‍රතිඅපනයන බහළුම් මෙහෙයුම පසුගිය දශක දෙකේදී සැලකිය යුතු ලෙස වර්ධනය වී ඇති බව වරාය අධිකාරිය පවසයි.