දින 03 ක කාලය තුළදී දිස්ත්‍රික්ක 14කට ඇතිවූ අධික වර්ෂා තත්ත්වය නිසා පවුල් 3021කට අයත් පුද්ගලයන් 10,425 ක් ආරක්ෂිත නිවාස 99 ක රඳවා සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඒ කාලය තුළ ඇතිවූ දැඩි සුළං සහ වර්ෂා තත්ත්වය මත ඇතිවූ ජල ගැලීම් තුළින් නිවාස 1265 කට හානි සිදුව තිබෙන අතර, පුද්ගලයන් තිදෙනෙකු මියගොස් එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පැවැති අඩුපීඩන තත්ත්වය ක්‍රම ක්‍රම‘යෙන් ඉන්දියාව දෙසට ගමන් කරමින් තිබෙන බවත්, මේ නිසා ඉදිරි දිනවල වර්ෂා තත්ත්වය ක්‍රම ක්‍රම‘යෙන් අඩුවී යන බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පසුගිය දින කිහිපය පුරා පැවැති අධික වර්ෂා තත්ත්වය නිසා දිස්ත්‍රික්ක 14ක පවුල් 22,168කට අයත් පුද්ගලයන් 82,276 ක් පීඩාවට පත්ව තිබෙන බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.
පැවැති අඩුපීඩන තත්ත්වය ඉවත්ව ගියද අද (17දා) දිනය තුළ ප්‍ර‘දේශ කිහිපයකට ගිගුරුම් සහිත වැසි ඇතිවන බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ කාර්යයේ නියුක්ත කාලගුණ විද්‍යාඥ නදී රූපසිංහ මහත්මිය සඳහන් කළාය.
වැසි සමග අකුණු ඇතිවන නිසා අකුණු අනතුරුඅවම කරගැනීමට කටයුතු කරන ලෙසද නදී රූපසිංහ මහත්මිය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව තිබෙන්නේ කිලිනොච්චිය දිස්ත්‍රික්කයෙන් වන අතර එම දිස්ත්‍රික්කයේ පවුල් 4656 ක පුද්ගලයෝ 16,450 පීඩාවට පත්ව සිටිති.
අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් වැඩිම පිරිසක් අවතැන්වී සිටින්නේ වවුනියාව දිස්ත්‍රික්කයේ වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 2571කට අයත් පුද්ගලයන් 8,912 ක් ආරක්ෂිත කඳවුරු 68ක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කළේය.
අයහපත් කාලගුණය හේතුවෙන් නුවරඑළිය, මහනුවර, බදුල්ල, පුත්තලම, කුරුණෑගල, ගම්පහ, කොළඹ, යාපනය, මුලතිව්, කිලිනොච්චි, මන්නාරම, වවුනියාව, මාතලේ, ත්‍රිකුණාමලය, මඩකලපුව යන දිස්ත්‍රික්කවල ජනතාව මෙසේ පීඩාවට පත්ව සිටිති.