දිවයිනේ ප්රදේශ කිහිපයකට ඇදහැලුණු අධික වර්ෂාව හේතුවෙන් පස්කඳු වැටීම් හා නායයෑම් හේතුවෙන් පුද්ගලයන් 13 දෙනෙකු මියගොස් එක් අයෙකු අතුරුදන් වී තවත් පස්දෙනෙකු තුවාල ලබා තිබෙන බව පොලිස් මූලස්ථානය පවසයි.
ඒ අනුව මතුගම පොලස් වසමේ හත් දෙනෙකුට සහ බුලත්සිංහල පොලිස් වසමේ දෙදෙනෙකුට ජීවිත අහිමි වී තිබෙන අතර, එක් අයෙකු අතුරුදන්ව ඇත, එසේම මීගහතැන්න පොලිස් වසමේ එක් අයෙකු, වැලිපැන්න පොලිස් වසමේ එක් අයෙකු සහ තලංගම පොලිස් වසමේ තලංගම උතුර ප්රදේශයේ දෙදෙනෙකු වශයෙන් ජීවිතක්ෂයට පත්ව තිබේ. මීට අමතරව තුවාල ලැබූ පස්දෙනෙකු රෝහල්ගත කර තිබේ.