www.ada.lk
2026 සැප්තැම්බර් මස 07 වන සඳුදා
දීපව්‍යාප්තව අද (22දා) ක්‍රියාත්මක වෛද්‍ය වර්ජනය හේතුවෙන් දික්ඔය මූලික රෝහලේ සායන කටයුතුද ඇණහිට තිබේ. මෙම රෝහල පසුගියදා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා විසින් විවෘත කරන ලදී.
රෝහලේ බාහිර රෝගී අංශයට පැමිණෙන රෝගීන් ආපසු හරවා යැවීමට රෝහල් සේවකයන් කටයුතු කරන අතර මේ හේතුවෙන් රෝගීහු විශාල පිරිසක් අසරණ තත්ත්වයට පත්ව සිටිති.
රෝහලේ හදිසි කටයුතු පමණක් අද (22දා) සිදුකරන බව එහි වෛද්‍යවරයෙක් පවසා සිටියේය.
විශ්වවිද්‍යාල සිසුන්ට එල්ලවූ ප්‍රහාරය, සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව හා තවත් ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක මෙම වර්ජනය හෙට (23දා) උදෑසන 08.00 දක්වා ක්‍රියාත්මකවීමට නියමිතය.
ඒ අනුව එම කාලය තුළ දිවයිනේ අනෙකුත් සියලුම රෝහල්වලද හදිසි ප්‍රතිකාර ඒකක පමණක් ක්‍රියාත්මක වේ.
popular news
නාමල් රාජපක්ෂ රිමාන්ඩ්
උතුරු ඇමෙරිකාවේ තිබූ රත්තරන් ටොන් 86ක් නෙදර්ලන්තය ඉවත් කර ගනියි
මේවා බෙල්ල ගහලා යන වැඩ
දික්කසාද බිරිඳගේ නිරුවත් ඡායාරූප සමාජ මාධ්‍යයට මුදාහළ සැමියා අත්අඩංගුවට
ඌරෙකුගේ වකුගඩුවකින් දින 271ක් ගත් කළ ටිම්
පේරාදෙණිය කොළඹ දුම්රිය ලබන මාසයේ ආරම්භ කරනවා
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd