වර්ජනයට එක් නොවන පිරිස්
ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති බහුතරය අද (05දා) දිනයේ වැඩවර්ජනයට එක්නොවන බව ලංකා විදුලි ජාතික සේවක සංගමයේ ලේකම් අජිත් දේවප්‍රිය මහතා සඳහන් කළේය.
එසේ වුවද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය අසත්‍ය පතුරමින් ලංකා විදුලිබල මණ්ඩලයේ වෘත්තීය සමිති වැඩවර්ජනයට එක්වන බවට පවසා ඇතැයි ඔහු කීය.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (04දා) විදුලිබල හා පුනර්ජනනීය බලශ්කති අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.
ලංකා විදුලිබලමණ්ඩලයේ ජාතික සේවක සංගමය ඇතුළු සංගම් 18 ක් වර්ජනයට එක්වන බව සඳහන් කර තිබුණද එම කිසිදු සංගමයක් වර්ජනයට එක් නොවන බවද දේවප්‍රිය මහතා කියා සිටියේය.
විදුලි බල මණ්ඩලය තුළ විසඳාගැනීමට ගැටලු තිබුණද, රට තුළ දේශපාලන අස්ථාවරභාවයක් ඇතිකිරීමට උත්සාහගන්නා මෙවැනි වැඩවර්ජනවලට සහාය දිය නොහැකි බවද හෙතෙම සඳහන් කළේය.
මෙම අවස්ථාවට විදුලිබල මණ්ඩලයේ තවත් වෘත්තීය සමිති කිහිපයක්ද සහභාගි විය.
වැඩවර්ජනයට ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සහාය නෑ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ඉල්ලීමකට අනුව අද (05දා) දිනයේ පැවැත්වෙන බව කියන වැඩවර්ජනයට ජාතික අධ්‍යාපන සේවක සංගමය කිසි ලෙසකින් හෝ සහාය නොදක්වන බව ජාතික අධ්‍යාපන සේවක සංගමයේ සභාපති, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා මහතා පැවසීය.
විධිමත් ලෙස වෘත්තීය සමිති සියල්ල සමග සාකච්ඡාවක් නොපවත්වා, කිසිදු ආකාරයකින් නිශ්චිත ප්රශ්නය පිළිබඳ වෘත්තීය සමිති අතර පුළුල් ප්‍රතිපත්තිමය එකඟතාවක් ඇතිකර නොගත් පසුබිමක මෙවැනි වැඩ වර්ජනයකට එක්වීමට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද ඔහු කීය.
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට එරෙහි දේශපාලන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සඳහා යම් යම් සංගම් සහ පුද්ගලයන් බළල් අත් ලෙස භාවිත කිරීමේ තවත් එක් අවස්ථාවක් ලෙස මෙය දැක්විය හැකි අතර, බැලූ බැල්මට මෙය වෘත්තීය අයිතිවාසිකම් පදනම්ව පවත්වන වැඩවර්ජනයක් නොවන බවද අජිත් පී. පෙරේරා මහතා කීවේය.
එමෙන්ම මේවසරේ වැඩිම ගුරුවරුන් පිරිසක් හා විදුහල්පතිවරුන් පිරිසක් සේවයට වාර්තාකරන දිනය බවට අද දිනය පත්වනු ඇතැයිද හෙතෙම වැඩිදුරටත් පැවසීය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

