හෙට දිනයේදී රෝහල් තුළ වෛද්‍ය වැඩ වර්ජනයක් සිදුවුවත් සෑම අත්‍යවශ්‍ය ප්‍රතිකාරයක්ම සිදුකරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි. මේ නිසා හදිස්සි ප්‍රතිකාරයක් අවශ්‍ය වුවහොත් වහාම රජයේ රෝහල්වලට පැමිණෙන ලෙසත්, ප්‍රතිකාර සිදුකිරීම සඳහා වෛද්‍යවරුන් කටයුතු කරන බවත් එම සංගමය පවසයි.
වර්ජනය සිදුකරනු ලබන්නේ සයිටම් අහෝසි කර රෝගී ජීවිත සුරක්ෂිත කිරීමට බවත්, මේ හේතුවෙන් වෛද්‍ය වර්ජනය නිසා කිසිදු රෝගියෙකුට අනතුරක් වීමට ඉඩනොතබන බවත් අද (04දා) පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී එම සංගමය සඳහන් කළේය.