දුම්රිය වර්ජනයට එක්වූ සේවකයන්ට එරෙහිව කිසිදු ක්‍රියාමාර්ගයක් නොගන්නා බව සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය රාජිත සේනාරත්න අමාත්‍යවරයා පැවසීය.
කැබිනට් තීරණ දැනුම්දීමේ ප්රවෘත්ති සාකච්ඡාවට අද (13දා) සහභාගි වෙමින් අමාත්‍යවරයා මේබව කියා සිටියේය.
දුම්රිය සේවාව තවදුරටත් අත්‍යවශ්‍ය සේවාවක් ලෙස පවතින බවත් එය අවලංගු නොකරන බවත් අමාත්‍යවරයා කීවේය.
ඉදිරියේදී දුම්රිය සේවාව සංවෘත සේවාවක් කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.