මාවතගම, වරද්දන කන්දේ අක්කර අටක ප්රමාණයක් මේ වනවිට නායගොස් ඇති බැවින් කන්ද පාමුල පදිංචි පවුල් 35 ක් ආරක්ෂිත ස්ථාන කරා යැවූ බව කුරුණෑගල දිස්ත්රික් ආපදා කළමනාකරණ නිලධාරී සිසිර වන්නිනායක මහතා පැවසීය.
ඊයේ (18දා) රාත්රියේ මෙම නායයෑම සිදුවී ඇත. නායයෑමට ලක්වූ කොටසේ කිසිවෙකු පදිංචිවී නොසිටි බැවින් විශාල හානියක් වැළකී ගොස් තිබෙන බවද වන්නිනායක මහතා සඳහන් කළේය.
මීට අමතරව වසර දෙකකට පමණ ඉහතදී විශාල නායයෑමකට ලක්වීමෙන් දේපළ හානි සිදුවූ මල්ලවපිටිය, වල්පොළ කන්ද නැවත නායයෑමකට ලක්විය හැකි බවට හඳුනාගෙන ඇති බැවින් එම ප්ර‘දේශයේ පදිංචි පවුල් රැසක්ද ආරක්ෂිත ස්ථානවල රඳවා ඇති බව හෙතෙම පවසා සිටියේය.