වරකපොළ පොළ පැරණි ස්ථානයටම
නව ස්ථානයක විවෘත කළ වරකාපොළ සතිපොළේ ඇතැම් ස්ථාන නීති විරෝධී ලෙස ඇතැම් පිරිස් බලහත්කාරයෙන් අල්ලා ගැනීම හේතුවෙන් සති පොළ පැරණි ස්ථානයේ පවත්වාගෙන යෑමට වරකාපොළ ප්‍රාදේශීය සභාවේ ලේකම් කේ.එම්.එන්. ප්‍රියන්ති මහත්මිය තීරණය කර තිබේ.
ඒ අනුව හෙට (5දා) පැවැත්වීමට නියමිත වරකාපොළ සති පොළ පැරණි ස්ථානයේම පැවැත්වෙනු ඇත.
පසුගිය සෙනසුරාදා සතිපොළ නව ස්ථානයක විවෘත කළ අතර නිත්‍ය වෙළඳුන්ට අමතරව තවත් පිරිසක් දේශපාලන අධිකාරියේ මැදිහත්වීම මත එහි ස්ථාන බලහත්කාරයෙන් අල්ලා ගනු ලැබීමත් සමග ගැටලුකාරී තත්ත්වයක් ඇතිවිය.
එම අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට ප්‍රාදේශීය සභාවේ ලේකම්වරිය ඊයේ (03දා) කටයුතු කළත් නැවතත් ඒවා නීතිවිරෝධී අයුරින් ඉදිකිරීමට බලහත්කාරයෙන් සති පොළේ ස්ථාන අල්ලාගෙන සිටි පිරිස් කටයුතු කරනු ලැබීය.
ඒ අනුව ගැටලුවට විසඳුමක් ලැබෙන තෙක් සති පොළ පැරණි ස්ථානයේම පවත්වාගෙන යෑමට ප්‍රියන්ති මහත්මිය තීරණය කර තිබේ.
තාවකාලිකව ලී භාවිතයෙන් අනවසරයෙන් සති පොළේ ස්ථාන අල්ලාගෙන සිටි අයුරු හා ඒවා ඉවත් කිරිමට කටයුතු කරන අයුරු.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

