වෙල්ලමුල්ලි වයික්කාල්හිදී මිය ගිය පුද්ගලයින් සැමරිම සඳහා උතුරු පළාත් මන්ත්‍රී එන්.කේ. සිවාජිලිංගම් මහතා පැවැත්වූ සැමරුමට ඔහු හා තවත් පුද්ගලයින් හය දෙනෙක් පමණක් එක්විය.
මානුෂීය මෙහෙයුමේදි 2009 වසරේ මැයි මාසයේදී මිය ගිය පුද්ගලයින් සැමරිම සඳහා මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බව මන්ත්‍රීවරයා ඊයේ යාපනයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවැසීය.