පන්නල, මාකඳුර, කෝරළයවත්ත ප්රදේශයේ පදිංචි වයඹ පළාත් සහකාර සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02දා) අලුයම බෝම්බ ප්රහාරයක් එල්ල වී ඇතැයි පන්නල පොලීසිය පවසයි.
සිද්ධිය වන අවස්ථාවේ සහකාර සුරාබදු කොමසාරිස්වරයා ඇතුළු පවුලේ පිරිස නිවස තුළ සිට ඇති අතර, සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති බවත්, නිවස අසල නවතා තිබූ බස් රථයකට, ජීප් රථයකට හා වෑන් රථයකට අලාභ හානි සිදුව ඇති බවත් පොලීසිය සඳහන් කරයි.
ප්රහාරය සම්බන්ධයෙන් කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරී නිමල් බණ්ඩාර මහතාගේ උපදෙස් මත පන්නල පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක පී. කුමාරදාස මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුනිල් ශාන්ත මහතා ඇතුළු කුලියාපිටිය නොවිසඳුණු අපරාධ ඒකකයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.