පුත්තලම රෝහලේ වෛද්‍ය අධිකාරිවරයා විසින් පුත්තලම පොලීසියට සිදුකළ පැමිණිල්ලක් පිළිබඳව කිසිදු විමර්ශනයක් නොකර වෛද්‍ය රසායනාගාර නිලධාරියෙකු අත්අඩංගුවට ගැනීමට එරෙහිව ලබන පළමුවැනි දින සහ 02 වැනි දින වයඹ පළාත් රෝහල්වල වැඩවර්ජනයක් සිදුකිරීමට සැලසුම් කර තිබේ.
මේ අනුව 01 වැනි දින වයඹ පළාත් රෝහල්වල සේවය කරන වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥයන් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් සහ 02 වැනි දින පරිපූරක වෛද්‍ය සේවයට අයත් සියලුම නිලධාරීන් සේවයෙන් ඉවත්ව සිටීමේ ක්‍රියාමාර්ගයක් දියත් කරන බවද පරිපූරක වෛද්‍ය සේවා වෘත්තීය සමිති ඒකාබද්ධ බලමණ්ඩලය සඳහන් කරයි.