වමේ නායකයන් මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කළද, ඔවුන් හැර වමේ සියල්ලෝම ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් විපක්ෂයේ පොදු අපේක්ෂකයාට සහාය දීමට තීරණය කළ බව අද පැවති මාධ්‍ය සාකච්ඡාවකදී වමේ කේන්ද්‍රය පැවසීය
මෙහිදී ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා ප්‍රකාශ කළේ, ආණ්ඩුවේ සිටින වමේ නායකයන් තිදෙනා මහින්ද රාජපක්ෂ මහතාට සහාය දීමට තීරණය කර ඇත්තේ තම අමාත්‍ය ධුර රැකගැනීමට බවයි.
හෙතෙම මෙසේ පැවසුවේ අද (28දා) සී.එස්.ආර්. ශාලාවේදී පැවති මාධ්‍ය හමුවකදීය.