විධායක ජනපති ක්‍රමය අහෝසි කිරීම, ව්‍යවස්ථා ප්රතිසංස්කරණයක් සිදුකිරීම සහ මැතිවරණ ක්රමයේ වෙනසක් ඇති කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජය ගන්නා උත්සාහයන්වලදී පූර්ණ සහයෝගය ලබාදීමට වමේ පක්ෂවලින් සැදුම්ලත් සමාජවාදී පෙරමුණ තීරණය කර තිබේ.
ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය සහ ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණ යන පක්ෂවල නායකයන් රැස්ව පැවැත්වූ විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණයට එළැඹ ඇත. මෛත්‍රීපාල සිරිසේන මහතාට ඡන්දයදීමට මහජනතාව පළකළ උනන්දුවෙන් පෙනී යන්නේ වෙනස්කම් අවශ්‍ය බව යැයිද, එම ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන අවස්ථාවේදී උපරිම සහාය ලබාදෙන බවත්, ප්රජාතන්ත්රවාදී වාමාංශික පෙරමුණේ නායක හිටපු අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පැවසීය.
වමේ පක්ෂ සමගද මේ පිළිබඳව දීර්ඝව සාකච්ඡා කළ බව පැවසූ නානායක්කාර මහතා, ව්‍යවස්ථා වෙනසක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කරන අවස්ථාවේදී ඒ සඳහා පක්ෂවීමට තීරණයකට එළැඹි බවත්, එය ජනතාව පැත්තෙන් සිතා ගත් තීරණයක් බවත් පවසා සිටියේය.
මේ සම්බන්ධව කළ විමසීමකදී අදහස් දැක්වූ ලංකා සමසමාජ පක්ෂයේ මහලේකම් මහාචාර්ය තිස්ස විතාරණ මහතා,
& අපි කවදත් විධායක ජනපති ක්‍රමයට විරුද්ධයි.පහුගිය කාලේ ආණ්ඩුව ඇතුළේ ඉඳගෙනත් ඒක ඉවත් කරන්න කියන ඉල්ලීම කළා.මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මැතිවරණ ප්රකාශනයේ සඳහන් වෙනවා දින නියම කරමින් පියවරෙන් පියවරට ව්‍යවස්ථා සංශෝධන සිදුකරන බවට.18 වන සංශෝධනය ඉවත් කර 17වන සංශෝධනයේ තිබුණු යෝජනාව ක්‍රියාත්මක කරන බව අපට හැඟෙනවා. මේවා මතුවෙන ආකාරයට අපේ ස්ථරවල හිඳිමින් අපි සහාය දෙනවා. මේ සඳහා පාර්ලිමේන්තුවේ කමිටු පත්කරන බව කියා තිබෙන නිසා එම කමිටුවලට සහාය දක්වමින් අපි කටයුතු කරනවා. නමුත් අපි අලුත් ආණ්ඩුවට එකතුවෙන්නේ නැහැ* යනුවෙන් පවසා සිටියේය.
එසේම ශ්‍රී ලංකා කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් ඩිව් ගුණසේකර මහතාද මෛත්‍රීපාල සිරිසේන මහතාගේ රජයක් යටතේ එවැනි යෝජනාවක් ගෙන එන්නෙ නම් එයට අනිවාර්යයෙන්ම සහාය ලබාදෙන බව පැවසීය.
& අපි තමයි විධායක ජනපති ධුරය අහෝසි කිරීමේ සටන මුලින්ම ආරම්භ කළේ. එවැනි යෝජනාවක් ආවොත් අපි සම්පූර්ණ සහාය දෙනවා.ඒ වගේම මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම ඇතුළුව ධනාත්මකව සිදුකරන සෑම ප්රතිසංස්කරණයකදීම අපි නව රජයට සහාය ලබාදෙනවා* යනුවෙන් හෙතෙම ප්‍රකාශ කළේය.