බ්‍රිතාන්‍ය ජාතික තරුණියක සතු වටිනා ජංගම දුරකථනයක් ඊයේ (28දා) වඳුරෙකු විසින් පැහැරගත් බව පවසමින් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි අනුරාධපුර සංචාරක පොලීසිය පවසයි.
මෙම දුරකථනය ස්ටර්ලින් පවුම් 300ක් පමණ වටිනකමකින් යුතු අතර, එහි මෙරට වටිනාකම රුපියල් 56,000ක් වන බවත්, එහි තමන්ට අවශ්‍ය වටිනා දත්ත රැසක් ගබඩා කර තිබූ හෙයින් එය සොයාදෙන ලෙසත් පවසමින් පැමිණිල්ල ඉදිරිපත් කර තිබේ.
මෙලෙස පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත්තේ, නිකෝන් පැරකින්නමැති 26 හැවිරදි තරුණියක වන අතර, ඇය හෙද පාඨමාලාවක් හදාරා එහි පුහුණුවක් සඳහා මෙරටට පැමිණ තවත් පිරිසක් සමග අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහුණුව ලබන බව පොලීසිය පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර සංචාරක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.