වනාන්තර රැක ගැනීමට ජනතා සහාය ගැනීමට යයි
වියළි කලාපයේ වනාන්තර රැක බලා ගැනීමට ජනතා සහභාගීත්වය ලබාගැනීමට රජයේ අවධානය යොමුව තිබේ.
ඒ අනුව, වනාන්තරවලට යාබදව ජීවත්වන ප්‍රජාවගේ ආර්ථිකය නංවාලමින් වනාන්තර රැකගැනීමට ශ්‍රී ලංකා ප්‍රජා වන කළමනාකරණ වැඩසටහන ක්‍රියාවට නැංවීමට යෝජනා වී ඇත.
මේ යටතේ ශ්‍රී ලංකාවේ වියළි හා අතරමැදි කලාපයන්ට අයත් දිස්ත්‍රික්ක 17ක, වනාන්තර ආශ්‍රිතව ජීවත්වන ග්‍රාමීය ජනතාවගේ ආර්ථික තත්ත්වය නංවාලීමට විවිධ ජීවනෝපායන් හඳුන්වා දීම, ඒ සඳහා අවශ්‍ය පුහුණු උපකරණ ලබාදීම, ගෙවතු වගා වැඩසටහන් ක්‍රියාවට නැංවීම, වනාන්තර සංරක්ෂණය සඳහා පාසල් සිසුන් පෙළඹවීම ආදී ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.
මෙමගින් 20,000 කට වැඩි පිරිසකට ඍජු ආර්ථික ප්රතිලාභ අත්කර දීමට හැකිවනු ඇති අතර, හෙක්ටයාර 30,000 ක පමණ වනාන්තර ප්‍ර‘දේශයක් සංරක්ෂණය කෙරෙනු ඇත. ඒ අනුව, රුපියල් මිලියන 261.06ක වියදමින්, 2018-2020 කාලපරිච්චේදය තුළ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු යොදා තිබේ.
මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ කැබිනට් යෝජනාවට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත.
2010 වර්ෂයේ සංගණන දත්තයන්ට අනුව ශ්‍රී ලංකාවේ වනාන්තර ප්‍රමාණය දිවයිනේ මුළු භූමි ප්‍රමාණයෙන් 29.7% කි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.


