මෙතෙක් යාපනය විශ්වවිද්‍යාලයේ මණ්ඩපයක් වශයෙන් පැවැති වවුනියාව මණ්ඩපය වන්නි විශ්වවිද්‍යාලය වශයෙන් පත්කිරීමට පිළිගෙන ඇතැයි උසස් අධයාපන අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ අද (17දා) යාපනය විශ්වවිද්‍යාලයේ වවුනියාව මණ්ඩපයට වසර 25ක් පිරීම නිමිත්තෙන් පැවැති උත්සව අවස්ථාවට සහභාගි වෙමිනි.
එහිදී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් කියා සිටියේ,
“මෙතෙක් පැවැති වවුනියාව මණ්ඩපය වන්නි විශ්වවිද්‍යාලයක් වශයෙන් පත්කිරීමට අවශ්‍ය සියලු පියවර අරන් ඉවරයි. තවත් නීතිමය පියවර එකක් හෝ දෙකක් පමණයි මේ සඳහා ඉතිරිව ඇත්තේ. ඉතා ඉක්මනින් ඒ කටයුතුත් අවසන් වෙනවා” යනුවෙනි.