ජාතික නාමල් උයනේ සුදු තිරුවාන නිධිය විනාශ කර දැමීමට කිසිවෙකුට ඉඩ නොතබන බවත්, එය ආරක්ෂා කර දෙන බවත් ජනපති මහින්ද රාජපක්ෂ මහතා තමන් වහන්සේට පොරොන්දු වූ බව වනවාසී රාහුල හිමියෝ පැවසූහ.
ඊයේ (03දා) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ උන්වහන්සේ වැඩිදුරටත් මෙසේ පැවසූහ.
"සුදු තිරුවානා නිධිය පිළිබඳ සිද්ධිය පුවත්පත්වලින් දැකලා ජනාධිපතිතුමා මට කතා කළා. ජනාධිපතිතුමා මට කිව්වා ඔබ වහන්සේ මේ කරපු කාර්යයන් මේ රටේ කවුරුවත් කරන්නෙ නැහැ. අපි කරන්න ඕනෑ කාර්යභාරයක් තමයි ඔබ වහන්සේ කරන්නෙ, කිසිම කෙනෙකුට නාමල් උයන රක්ෂිතය හෝ ඒ වටා තිබෙන සම්පත් කිසිවක් විනාශ කිරීමට ඉඩදෙන්නෙ නැහැ කියලා මට ජනාධිපතිතුමා කිව්වා"