වනවාටු සුළි කුණාටුව මහා රාක්ෂයෙක් - බෝල්ඩ්වින්
පැසිෆික් දූපත් රාජ්‍යයක් වූ වනවාටු වෙත බලපෑ අති ප්‍රබල පාම් සුළි කුණාටුව මහා රාක්ෂයෙකු බව එරට ජනපති බෝල්ඩ්වින් ලොන්ස්ඩේල් පවසයි.
පැයට කිලෝ මීටර් 300ක පමණ වේගයකින් සුළං හමාගිය මෙම සුළි කුණාටුව පස්වැනි තත්ත්වයේ අති ප්‍රබල සුළි කුණාටුවක් බව කාලගුණ අංශ පවසයි.
සුළි කුණාටුව හේතුවෙන් පුද්ගලයන් 8 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව නිල වශයෙන් වාර්තා වුවත්, විනාශයට පත් ප්‍රදේශයන්ගෙන් තොරතුරු නිසි පරිදි වාර්තා වන විට තත්ත්වය මීට වඩා බරපතල විය හැකි බව එරට බලධාරීහු පෙන්වා දෙති.
සුළි කුණාටුවෙන් පසුව එරට අගනගරය ලෙස සැලකෙන පෝට් විලා හි ගුවනින් ලබාගත් දසුන්වලින් දැකගැනීමට ලැබුනේ සම්පූර්ණයෙන්ම විනාශ වී ගිය නගරයක් පමණක් බව විදෙස් වාර්තා පවසයි.
මේ අතර, සුළි කුණාටුවත් සමග අකර්මණ්‍ය වූ එරට ගුවන් තොටුපොළ වෙත මේ වනවිට ඔස්ට්‍රේලියාව හා නවසීලන්තය යන රටවලින් ආධාර රැගත් ගුවන් යානා අද වනවිට පැමිණ තිබූ බවද වාර්තා වෙයි.
සුළි කුණාටුවෙන් නිවාස, පාසල්, රෝහල් රැසක් විනාශ වී ඇත්තේ පුද්ගලන් 267,000ක් වාසය කරන කුඩා දූපත් 65කින් සමන්විත වනවාටු දූපත් රාජ්‍යය එකම හිස් ගොඩක් බවට පත්කරමින් බව ජනාධිපතිවරයා බී.බී.සී.ය වෙත පවසා තිබේ. මේ අතර, රට තුළ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති අතර, රටවල් හා ජාත්‍යන්තර සංවිධාන රැසක් ඔවුන් වෙත ආධාර කිරීමට දැනටමත් ඉදිරිපත් වී සිටියි.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

