පොලොන්නරුව බකමුණ ප්රදේශයේදී කාන්තාවක් අද (04දා) වන අලි ප්රහාරයකට ලක්ව මිය ගොස් තිබෙනවා. බකමුණ ගඟේයාය ප්රදේශයේ තම පුතාගේ ගෙවත්තේදී අලුයම මෙම කාන්තාව වන අලි ප්රහාරයට ලක්ව ඇති බව බකමුණ පොලීසීය සඳහන් කරයි.
මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරුදු 55 ක කාන්තාවක් වන අතර ඇය පොලොන්නරුව නව නගරය ගනන්ගොල්ල ප්රදේශයේ පදිංචිකාරියකි.
මේ පිළිබදව බකමුණ පොලීසීය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.