මිනිසුන් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්කරන ලද වන අලියෙකු වැල්ලවාය බලහරුව දේවගිරිකන්ද ප්‍රදේශයේදී අල්ලාගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවූ බව තිබේ.
තිරසර සංවර්ධන හා වනජීවී නියෝජ්‍ය අමාත්‍ය කාර්යාලය සඳහන් කළේ හම්බෙගමුව, බලහරුව, උණකන්ද, වෙහෙරයාය, ඇතිලිවැව, සිරිපුර යන ප්‍රදේශවලදී මිනිසුන් ඝාතනයකර දේපලවළට අලාභහානි සිදුකළ මෙම වන අලියා නිර්වින්දනයකර අල්ලාගත් බවයි.
අල්ලාගත් වන අලියා හොරොව්පතාන අලි රැඳවුම් මධ්‍යස්ථානයට රැගෙන ගිය බවත් අමාත්‍ය කාර්යාලය නිවේදනය කරයි.