පොළොන්නරුව ඇළහැර සරුබිම කනිෂ්ඨ විද්‍යාලයට අද (01දා) වන අලි දෙදෙනෙකු කඩා වැදීම හේතුවෙන්එම විද්‍යාලයේ සිසුන් සහ දෙමාපියන් දැනුවත්කොට දරුවන් නිවෙස් කරා යැවූ බව බකමූණ පොලීසිය කියයි.
මේ වන විට එම වන අලි දෙදෙනා විද්‍යාලයේ ක්‍රීඩා පිට්ටනිය ආසන්නයේ පිහිටා ඇති අක්කර තුනක පමණ කැලැ කුට්ටියක සැඟ වී ඇති අතර, අද සවස් කාලයේ රක්ෂිතයට පළවාහැරීමට නියමිතය.
බකමූණ පොලිසීය මගින් එම ප්‍රදේශයට ආරක්ෂාව සපයා ඇති අතර, වනජීවී නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබේ.
මෙහිදී කිසිවෙකුටත් අනතුරක් සිදුවී නොමැති අතර, ඊයේ රාත්‍රී දඹුලු කැලයේ සිට පැමිණ එම ප්‍රදේශයේ සැරිසැරූ වන අලි රංචුවකින් දෙදෙනෙක් මෙසේ පැමිණෙන්නට ඇතැයි ගම්මුන් පවසයි.