ගල්කිරියාගම නෑගම මාර්ගයේදී අද (19දා) පෙරවරුවේ වන අලි ප්රහාරයකින් වයස අවුරුදු 05ක් පමණ වන කුඩා දැරියක ජීවිතක්ෂයට පත්ව ඇතැයි ගල්කිරියාගම පොලීසිය පවසයි.
මේ අනුව 52ක් වන කාන්තාවක් හා වයස අවුරුදු 1 ½ කුඩා දැරියක් හා වයස අවුරුදු 05ක දැරියක් මෙසේ වන අලි පහර දීමට ලක්ව ඇති අතර එයින් 05 වියැති කුඩා දියණිය ආඬියාගල රෝහලට ඇතුළත් කිරීමේදී මෙසේ මියගොස් තිබේ.
මියගිය දැරිය සිය මිත්තණිය හා තම නැගණියත් සමඟ පෙර පාසල වෙත පැමිණෙමින් සිටියදී මෙසේ පහර දීමට ලක්ව තිබේ.
සිදුවීමෙන් තුවාල ලැබූ කුඩා දියණියත්, එම කාන්තාවත් වැඩිදුර ප්රතිකාර සඳහා දඹුල්ල රෝහලට ඇතුළත් කර තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිරියාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.