තමන්ට සිදුවූයේ වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටුණා වැනි සිදුවීමක් බව හම්බන්තොට නගරාධිපති එරාජ් ප්රනාන්දු මහතා පැවැසීය.
හම්බන්තොට නගරයේදී වීදියේ විරෝධය ට එල්ල වූ ප්රහාරය පිළිබඳ 'අද' කළ විමසුමකට අදහස් දක්වමින් හෙතෙම මෙම අදහස් දැක්වීය.
"වදින්න ගිය දේවාලේ හිසේ කඩාගෙන වැටුණා වගේ සිද්ධියක් තමයි මට වුණේ. හම්බන්තොට නගරයේ වැඩසටහනකට යන ගමන් මම හිටියේ. මම දැක්කා හම්බන්තොට විපක්ෂ නායක ඉන්නවා. එතුමා මට එතනට කතා කළා. මේ වැඩසටහන කරන්න බලපත්රයක් අරගෙන තියෙනවද කියලා ඇහුවම ඒ අය අපිට ගහන්න ආවා. ආරවුල විසඳන්න මම හැඳුවේ. මගේ අතේ තිබුණ ලක්ෂ 3.5ක ඔරලෝසුවත් නැතිවුණා. මම කිසිම විදියකින් පහර දුන්නේ නෑ. මේ සම්බන්ධයෙන් මම පොලීසියට පැමිණිල්ලක් කළා. මටත් සීරීම් තුවාල සිදුවෙලා තියෙන්නේ."යැයි නගරාධිපතිවරයා පැවැසීය.