වතු ජනතාව සඳහා නිවාස ව්‍යාපෘතියක් හඳුන්වාදෙන බව නාගරික සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ යටතේ පළමුව නිවාස ඒකක 50,000 ක් ඉදිකිරීම ලබන මාසයේදී ආරම්භ කරන බව නාගරික සංවර්ධන අධිකාරියේ උපදේශක වීරසේන අධිකාරි මහතා රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශ මාධ්‍ය කේන්ද්‍ර‘යේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
ඉදිරියේදී සමස්ත වතු ජනතාව සඳහා වන නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය බලාපොරොත්තු වන බවද හෙතෙම පැවසීය.