වතු කම්කරු නව සාමූහික ගිවිසුම තවමත් නෑ
වතු කම්කරුවාගේ දෛනික වැටුප සම්බන්ධයෙන් ක්‍රියාත්මක වන සාමූහික ගිවිසුම මාර්තු මාසයෙන් අවසන් වුවද, මෙතෙක් නව ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට කටයුතු කර නොමැති බැවින් වතු කම්කරුවාට තවමත් හිමිවන්නේ පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ සාමූහික ගිවිසුමේ වැටුප බව සමස්ත ලංකා වතු කම්කරු සංගමය සඳහන් කරයි.
වතු හාම්පුතුන් සහ වතු වෘත්තීය සමිති කැඳවා වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය සාමූහික ගිවිසුමකට අත්සන් තැබිය යුතු බවත්, පසුගිය කාලයේ ක්‍රියාත්මක වූ වතු සාමූහික ගිවිසුම මාර්තු මාසයෙන් අවසන් වූ බැවින් නව ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමට අදාළ කටයුතු මාර්තු මාසය තුළ සිදුකළ යුතු බවත් එම සංගමය පවසා සිටියේය.
එහෙත් එම ක්‍රම‘වේදය මෙතෙක් සිදුකර නොමැති බවත්, මේ නිසා ලක්ෂ 03කට අධික වතු කම්කරුවන්ට රුපියල් 480 ක් වැනි සුළු දෛනික වැටුපකට සේවය සැපයීමට සිදුව තිබෙන බවද ලේකම්වරයා සඳහන් කළේය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

