ජාතික භාෂා හා සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය පලනි දිගම්බරම් මහතා නායකත්වය දරන ජාතික කම්කරු පෙරමුණේ සියලුම වතුකම්කරු සාමාජිකයන්ගේ එක් දිනක වැටුප හල්දුම්මුල්ල කොස්ලන්ද මීරියබැද්ද වතුකරයේ විපතට පත් ජනතාවට සහන සැපයීම සඳහා රජයට පරිත්‍යාග කිරීමට තීරණය කර ඇත.
එහි විධායක සභාව අද (02දා) හැටන් නගරයේ පැවති විශේෂ සාකච්ඡාවකදී මෙම තීරණය ගත්තේය.
විපතට පත් අය සිහිකරමින් ශෝකය පළකිරීමේ වැඩසටහනක්ද හැටන් නගරයේදී පැවැත්විනි.
.gif)