වත්මන් රජය සයිටම් එක අයිටම් එකක් කරගෙන
වර්තමාන රජය සයිටම් ප්රශ්නය රටටම අයිටම් එකක් කර ඇත්තේ මහ දවාලේ වූ මහබැංකු හොරකම ජනතාවට අමතක කිරීමේ අවශ්යාතාව හේතුවෙන් බව මාතර දිස්ත්‍රික් එජනිස පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේව්ර්ධන මහතා සඳහන් කර සිටියේය.
හෙතෙම මේ බව පවසා සිටියේ, ඊයේ (02දා) කඹුරුපිටිය ප්‍රදේශයේ පැවැති ජනහමුවක් අමතමිනි.
සයිටම් ගැටලුව සඳහා විසඳුම් ලබාදී මේ ප්රශ්නය අවසන් කිරීමේ හැකියාව රජයට තිබුණද, කිහිපදෙනෙකුගේ වුවමනාව මත ලබාදෙන විසඳුම් පවා ක්‍රියාත්මක නොවන තත්ත්වයක් ඇතිවී ඇති බවත්, මේ තුළින් ඔවුන්ගේ බලාපොරොත්තුව රටේ අවධානය සයිටම් පැත්තට යොමුකර මහදවල් සිදුවූ මහබැංකු කොල්ලය මහජනතාවගේ මතකයෙන් ඉවත් කිරීමට කටයුතු කිරීම බවත් මන්ත්‍රීවරයා පැවසීය.
ඒ අනුව මහ බැංකු හොරුන්ගේ මනදොළ පුරවාලන්න අද දහස් ගණන් මේ රටේ දරුවන්ගේ අනාගතය උකසට තබා ඇති අතර, සායනික පුහුණුවට නොයන දරුවන් හේතුවෙන් රටේම අධ්‍යාපනය වසරකින් පමණ පස්සට ගොස් ඇති බවත් අබේවර්ධන මහතා සඳහන් කර සිටියේය.
නමුත් ඒ ගැන කිසිදු හැඟීමක් නොමැති වත්මන් ආණ්ඩුවේ කිහිපදෙනෙකු මහබැංකු හොරුන් ආරක්ෂා කරමින් එයට විරුද්ධව එන ජනතා රැල්ල මර්දනය කිරීමට සයිටම් එක ඉදිරියට දමා ඇති බවත්, රටේ ප්රජාතන්ත්රවාදය නැත්තටම නැති වී ඇති අතර, මැතිවරණ නැති රටක් බවට පත්කර ඇති බවත් මන්ත්‍රීවරයා සඳහන් කර සිටියේය.
හිනිදුම - රවීන්ද්‍ර ශ්‍රීලාල්
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

