වත්මන් ආණ්ඩුව ගෙවීගිය මාස 06ක කාලය තුළදී පමණක් රුපියල් කෝටි 28,200 ක ණය ලබාගෙන ඇතැයි පාර්ලිමේන්තු මන්ත්රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි.
එහෙත් පසුගිය වසර පුරාම ලබාගෙන තිබෙන්නේ රුපියල් කෝටි 26,000 ක් පමණක් බවත්, එම මුදලින් ඩොලර් බිලියන 1.5 ක් ලබාගෙන තිබෙන්නේ 5.125% ක පොලියකට බවත් ඔහු පවසා සිටියේය. එහෙත් වර්තමාන ආණ්ඩුව 6.125% පොලී මුදලකට ඩොලර් මිලියන 650 ක් ලබාගෙන ඇති බවද මන්ත්රීවරයා සඳහන් කළේය.
ගෙවීගිය වසරේ ලබාගත් ණය මුදල් උපයෝගී කරගෙන රට සංවර්ධනය කළ බවත්, මේ නිසා රටේ සංවර්ධනයේ අමරණීය වර්ෂය පසුගිය වසර වන බවත් මන්ත්රීවරයා පවසා සිටියේය.
එහෙත් වර්තමාන ආණ්ඩුව මේ තරම් ණය ලබාගෙන හෝ ඩොලරය ස්ථාවරව පවත්වාගෙන යාමට නොහැකි වී තිබෙන බවත්, මේ නිසා ඩොලරයට ගෙවන රුපියල් ප්රමාණය 137 ක් වී තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.
මේ නිසා අපනයන භාණ්ඩවල මිල විශාල ලෙස ඉහළ ගොස් තිබෙන බවත්, ඊට සාපේක්ෂව දේශීය ද්රව්යවලද මිල ඉහළ ගොස් රට ආර්ථික වශයෙන් දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවද බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.