වත්තල හා කැළණිය ප්රදේශවලට ජලය සපයන නල මාර්ගයක ජල කාන්දුවක් අලුත්වැඩියා කිරීමක් හේතුවෙන් මෙම මස (29දා) පෙරවරු 09.00 සිට පස්වරු 03.00 දක්වා පැය 06ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන ලබ ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.
මේ හේතුවෙන් කැළණිය ප්රදේශිය සභා බල ප්රදේශය, පෑලියගොඩ නගර සභා බල ප්රදේශය හා වත්තල නගර සභා බලප්රදේශයන්හී මෙම ජල කප්පාදුව සිදුවේ.