වත්තල නගර සභාවේ උපනගරාධිපති මොහොමඩ් තාහීර් රිස්වාන් යන අය එළඹෙන 22 වැනිදා දක්වා නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස වත්තල මහෙස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය අද (16දා) නියෝග කළාය.
පසුගිය 06 වැනිදින වත්තල මාබෝල බංගලාවත්ත ප්රදේශයේදී පුද්ගලයෙකු පිහියෙන් කපා ඔහුට බරපතළ තුවාල සිදුකිරීමේ සිද්ධියකට අනුබල දීම සම්බන්ධව බන්ධනාගාරගතව සිටි සැකකාර උපනගරාධිපතිවරයා අද (16දා) නැවතත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව නැවතත් රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.