මිහින්තලය පොලිස් වසමේ දොරමඬලාව ප්‍රදේශයේ කාන්තාවක් තම දරුවා සමග වගා ළිඳකට පැන සියදිවි හානි කරගෙන තිබේ.
දොරමඬලාව 3 වැනි පියවර ලිපිනයේ පදිංචි හෙලෝචිකා පවිත්‍රානි (22) සහ ඇගේ වයස අවු. 1 ½ ක් වන පිරිමි දරවා වන දනුක දනුවන් ද මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත.
මියගිය තැනැත්තිය සිය නැන්දනිය සමග නිවසේ ඇති කරගත් ආරවුලෙන් පසුව නිවස පිටුපස ඇති වගා ළිඳට තම දරුවා සමග පැන ඇති බව පොලීසිය සැකකරයි. පසුව සැමියා සහ ප්‍රදේශවාසීන් එක්ව ඔවුන් ගොඩගෙන අඹෑව ග්‍රාමීය රෝහලට රැගෙන යන විටත් මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
බී.පී. චතුරංග - අනුරාධපුර /තිසර සමල්